ඔබේ මගේ අත් පැටලී තිබියදී කඳු යායම දා හළු වූවේ
අදත් හදේ රැඳී රුක්මල් සුවඳකි නෙතේ කඳුළු බිඳු බොඳ වූවේ
එදා ඔබේ හිස පිරිමැදී සුරතිනි මෙදා දුකට කවියක් ලීවේ
ගිම්හානය අග වසන්ත දිනිතිය මිහිරි හඬින් කවි ගී ගැයුවේ
නෙතු කොන රැඳවුණු කඳුළු පිසින්නට ඇයගේ රතැගිලිදිගු වූවේ
ඔබ මා ගිය මග ඔහු හා ගියේ නෑ අතීත පෙම හදතුල වූවේ
එදා ඔබට පිදු සෙනෙහස අඩු නැහැ මේ තනිකම හොඳයැයි සිතුවේ
හ්ම්ම්..එකනම් ඇත්ත... :(
ReplyDeleteදුකයි සල්මන් :(
Deleteලස්සන කවියක්..
ReplyDeleteබොහොම ස්තුති දිනේෂ්
Deleteමටනම් හිතෙන්නෙ "කුම්බලා කෑවනම් විඳවපන් බළලෝ" වගෙ හැඟීමක්
ReplyDeleteඑක ඇත්ත ලොකු ජෝන්. තාම විඳවනවා
Delete"එදා ඔබේ හිස පිරිමැදී සුරතිනි මෙදා දුකට කවියක් ලීවේ"
ReplyDeleteහයියූ ඇඩෙනව අප්ප.....:‘(
අඩන්න එපා හයියෝ
Deleteදුකයි හිතට :(((
ReplyDeleteහ්ම්ම් :(
Deleteදෙකක් ඇනගෙන අමතක කරල දාමු...
ReplyDeleteඔව් ඔබා මාමේ. එහෙමවත් කරගන්න ඕනා
Deleteරගපෑම කෙසේ වෙතත් නියම කවියක් හිතටම වදිනවා
ReplyDeleteතැන්ක්ස් ශාරු :)
Deleteවිරහව පිරුණු කවියක්... සුභ පැතුම්
ReplyDeleteඑල ඈ..
ReplyDeleteතනිකම හොඳයි..
ReplyDeleteඅනේ තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට මට පොඩ්ඩක් මේක තේරෙනවා මදි මදි වගේ .....
ReplyDelete