Sunday, May 13, 2012

ඔබා මාමේ ආපහු එන්න

හිතා ගන්න බෑ අද මට ඇසු පුවත. ඔබා මාමා ගේ වියෝව. 
ඇත්තටම අපේ බ්ලොග් එක පටන් අරගෙන වැඩි දවසක් නැහැ. එත් පළවෙනිම පොස්ට් එකේ සිට මේ දක්වා වූ හැම පොස්ට් එකකම ඔබා මාමාගේ කමෙන්ටුවක් වැරදුන නැහැ. එච්චර නිහතමානි පුද්ගලයාගේ වෙන්වීම දරාගත නොහැකි. 


ඉපදෙනා මතු මතුත් අපේ ඔබා මාමා ලෙස අප අතරම ඉපදේවා !
මේ පොස්ටුව ඔබා මාමේ ඔබ හට උපහාර පිණිසයි. 
මෙයට කාජල්, සල්මන් සහ ශාරුක්


Thursday, May 10, 2012

මල් වැට අද්දර



හමුවීමේ අග වියෝව කඳුලකි. එදා ඔබට කොඳුරා             කීවේ
ඔබේ මගේ අත් පැටලී තිබියදී කඳු යායම දා හළු                වූවේ
අදත් හදේ රැඳී රුක්මල් සුවඳකි නෙතේ කඳුළු බිඳු බොඳ    වූවේ
එදා ඔබේ හිස පිරිමැදී සුරතිනි මෙදා දුකට කවියක්             ලීවේ 




ගිම්හානය අග වසන්ත දිනිතිය මිහිරි හඬින් කවි ගී                  ගැයුවේ
නෙතු කොන රැඳවුණු කඳුළු පිසින්නට ඇයගේ රතැගිලිදිගු      වූවේ
ඔබ මා ගිය මග ඔහු හා ගියේ නෑ අතීත පෙම හදතුල                වූවේ
එදා ඔබට පිදු සෙනෙහස අඩු නැහැ මේ තනිකම හොඳයැයි     සිතුවේ

Tuesday, April 17, 2012

ප්ලේන්ටිය


මගේ ජීවිතේ උන සිද්ධි ගැන මතක් කරලා බලනකොට එකපාරටම මට මේ සිද්ධිය මතක් උනා.ඒ සිද්ධිය එදා මට  මගේ ඇස් වල කදුළු පිරෙනකන් හිනාවෙන්න මගපාදපු නිසා මට ඒක හොදට මතකයි.මේක උනේ මං  බම්බලපිටියේ පෞද්ගලික ආයතනයක වැඩ කරන අතරතුර කාලයේදී.

                    දවස පුරාම වැඩ කරලා අපේ ඔෆීස් එක ලඟ පාරෙන් මං වැනි වැනි හැමදාම මං සිංහගිරි හෝටලේට ගියේ ප්ලේන්ටීයක් බීලා පොඩි පණක් ගන්න.මං ඒ පාරෙන් හවසට  වැනි වැනි ගියේ දවසම එකදිගට වැඩකරලා මහන්සියට උනාට,ඒ පාරේ ඒ වෙලාවට කොටට ඇදගත්ත අනිත් ඔෆිස්වල කෙල්ලෝ එහෙම යන්නේ එයාලටත් මහන්සි නිසාද?එහෙමත් නැත්නම් එයාලා එහෙම යන්නේ එයාල දිහා බලන අපේ මහන්සිය නැති කරන්නද කියලා මට ඒ දවස්වල නිතරම හිතුනා.කොහොම නමුත්  නන්නාදුනන අයට හතලිස්පහේ ගංවතුර වගේ ප්ලේන්ටියක් දැම්මත්,හැමදාම ඒ හෝටලේට යන එන නිසාදෝ තේ හදන නන්දකුමාර් මට වෙදපප්පාගේ අරිෂ්ටය වගේ තේ එකක් මට හැමදාම හදල දුන්නා.හෝටලේ වැඩ කරන අය එක්ක වැඩිපුර කතාබහට නොගියත් ඒ අය එක එක්කෙනාට කතා කරන විදිහෙන් ඒ හෝටලේ අයගේ නම් ටික දැනගන්න මට ඒ හැටි කාලයක් ගත උනේ නෑ.ප්ලේන්ටියක් බීලා සිගරට් එකක් බොන පුරුද්ද නොතිබුනාට හැමදාම හෝටලේ නානා හදන අඟල් දෙකේ දෙකේ ලොකූ එළවළු රොටියක රස බලන්න මං අමතක කලේ නෑ.හෝටලේ කැෂියර් කුඩුවේ හිටියේ බන්දු.ටිකක් මෝඩපහේ  පෙනුමක් තිබ්බට හැමදාම මට  බන්දු ඉතුරු සල්ලිනම් "කිරිගහට  උල්පිහියෙන් ඇන්න වගේ" මට දුන්නා.

                                  මං ඔන්න ඔහොම ඔය හෝටලේට යන අතරතුර දවසකදී තමයි මේ සිද්ධිය උනේ.මගේ මේසේ ඉස්සරහ පුටුවේ එක අංකල් කෙනෙක් ඇවිත් වාඩිඋනා.උඩු රැවුල පොඩ්ඩක් පොඩි උනානම් අංකල් නියම හිට්ලර්.මැස්සෝ සීයක් දෙසියක්  හිටියට ඉතා පිරිසිදු මේසේ දිහා  අංකල් වාඩි වෙලා  බැලුවේ මිනිහගේ නැන්දම්මා දිහා බලනවා වගේ පිළිකුලෙන්.පස්සේ ඒ අංකල් මං දිහත් සල්මන් ඛාන් දැක්ක වගේ ඇස් පිල්ලම් නොගහ විනාඩි දෙකක් විතර බලන් හිටියා.ඊට පස්සේ එයා එයාගේ පර්ස් එක අරන් පන්සියේ,දාහේ කොළ ටිකක් ගනන් කරලා ප්ලේන්ටියක් ඔර්ඩර් කළා.ප්ලේන්ටිය අරන් ආවේ වේටර් කරුණාපාල.මිනිහත් ඊට කලින් දවසේ යන්න ඕන ගමනක් එදා යනවා වගේ තමයි ප්ලේන්ටිය ගෙනාවේ.මොන වැඩේ තිබුනත් අපේ නංගි ඒ දවස්වල ප්‍රවීණා බලන්න ටීවී එක ලගට එන හැටි කරුණාපාලගේ මේ හදිස්සිය මට මතක් කලා.



කොහොමහරි කරුණාපාල ගෙනාපු ප්ලේන්ටියට අර අංකල්ගේ බොරු අස්සෙන් බඩට යන්න වාසනාව ලැබුනේ නෑ.මොකද කරුණාපාල කකුල් දෙක පැටලිලා මං හිටපු මේසේ උඩම වැටුන නිසා.ඒ වැටුන තේ වලින් අර අංකල්ගේ මුළු කමිසෙම තෙමුනා.ඒ දැක්ක සිද්දියෙන් "බකස්"ගාලා මගේ ශෝකය ප්‍රකාශ වෙන්න ආවත් මං ඒ වෙලාවේ බොහොම අමාරුවෙන් ඒක හිර කරගත්තා.

                                   වෙච්ච වැඩේට තද උන අංකල්ගේ මුණ නිකන් අපේ පන්සලේ මකර තොරණ වගේ කියල මට ඒ වෙලාවේ හිතුනා.චාල්ස් කුමාරයා වෙඩින් එකට ඇඳපු කෝට් එකට තේ හැලුනා වගේ එයාගේ කමිසේ දිහා බලන් හිටපු අංකල් වේටර් කරුණාපාලගේ ඇගට ගොඩ උනා.

" මොකක්ද බුරුවො කලේ? බලනවා සේරම ඇගෙනේ ..."  අංකල් කිව්වා.

 "අනේ හිතල නෙවෙයි මහත්තයෝ කලේ..වැරදීමකින් මහත්තයෝ උනේ" බයාදු බැල්මක් හෙලපු කරුණාපාල කිව්වා. 

"මොකද මොකද කලබලේ..?" නිදහස් දින උළෙලට කතාව පවත්වන්න ආපු ජනාධිපති වගේ වගේ තේජාන්විත හඬින් කැෂියර් බන්දු එතනට ඇවිත් කිව්වා.

" මුදලාලි බලනවකෝ තමුසෙලගෙ හෝටලේ වේටර්ලා,ප්ලේන්ටී එකක් ගෙන්න කිව්වා ...ඒක ඒ පාර මගේ ඇඟේ හැලුවා...දැන් ඉන්නවා මොකාද වගේ බලාගෙන...මේ වගේ වගකීමක් නැති මිනිස්සු වැඩට ගන්න එපා මුදලාලි"  අසුහාරදහයි තවත් දශම ගානකුයි තද උන අංකල් කිව්වා.

"ඇත්තද මේ මහත්තයා කියන්නේ..? තමුසේ ගෙනාපු ප්ලේන්ටිය මේ මහත්තයාගේ ඇඟේ හැලුවද..?"  කැෂියර් බන්දු ඇහුව්වා.

"අනේ ඔව් මුදලාලි" බිම බලාගෙන හිටපු වේටර් කරුණාපාල කිව්වා.

"එහෙනම් බලන් ඉන්නේ මොනාද මනුස්සයෝ..ඉක්මනට මේ මහත්තයට තව ප්ලෙන්ටී එකක් ගේනවා" වර්තමාන අධ්‍යාපන ඇමති වගේ බුද්ධිමත්ව බන්දු කිව්වා..



Friday, March 30, 2012

තාත්තා වෙත ලියමි







ආදරණිය තාත්තා වෙත ලියමි..


ඔබගේ සැපදුක් කෙසේද? මමනම් සුවෙන් සිටිමි. මේ දවස් වල ලංකාවට කදිමට පායන්නේය.. ඉරට හැතැප්මක් ලෙස හැමවිටම දැනේ. ඉතින් දවසම දාඩිය පෙරී පෙරී සිටිමි. ඔබට කෙසේද තාත්තේ? ඔහේ සීතලද? අපිට නම් නතරම ඔබව මතක් වේ. අයියා නිතරම කතා කර කර සුව දුක් විමසයි. ඔහු දැන් වෙනස් වී ඇත. ජීවිතය ගැන බැරෑරුම් ලෙස දකී. අම්මා හැමදේකදිම අපිට උදව් වෙයි. කිසිම දෙයක් ගැන ඕනාවට වඩා නොහිත ජිවිතේ ගැන විහිළුවෙන් හිතපු මම දැන් හැමදෙයක් ගැනම සිතීමට පෙළබි ඇත. එය සිදුවුයේ ඔබගේ උණුහුම අපිට නැති වුනාට පසුවය. ඔබ අපිට නැති දුක හැමදාම හිතේ දෝංකාර දුන් නමුත් මගේ ජීවිතය මේ ලෙස සැකසීම ගැන මම අනේකවාරයක් සතුටුවීමි. ඉල්ලන  ඉල්ලන හැමදේම ලැබී අප , ලෝකයේ අප වඩාත්ම ආදරේ කරපු දෙයක් නැති වුනු වෙලාවේ දැනුනු දුක අන් කිසිම දෙයකට සමාන කල නොහැක. ඒ නිසා දැන් මම කිසි දෙයක් නොලැබුනද මට සතුටින් ජිවත් විය හැක. එහෙත් ඔබ නැති අඩුව වෙනදාටත් වඩා දිනෙන් දින ඉතාමත් කටුක ලෙස දැනෙන්නට පටන් ගෙනය. නිතරම කඳුලෙන් ගත කිරීමට අකමැති නිසා ඔබ කැමති වූ ආකාරයටම මම ජිවිතේ ගෙන යන්නෙමි. මම මල්ලි අම්මි අයියා හැමදාටම ඔබට පණ මෙන් ආදරෙය. මට නොකියාම ගිය නිසා මම ඔබත් සමග අමනාපයෙන් සිටින්නෙමි. කවදාහෝ ඔබව දැකීමට හමුවූ පසු ඔබට එයට ගුටියක්‌ ලැබෙනු ඇත. ඊයේ ඔබේ උපන්දිනය.ඔබ ඉපදුනේ ලස්සන දවසකය. ඔබ අපිව දමා ගියෙත් ඔබ ඉපදුනු දවසේමය. ඒ නිසා ඔබ ලෝකයේ විශේෂම පුද්ගලයා ලෙස මට දැනේ. ඉතින් තාත්තේ ජේසුට කියලා මතු බවයෙත් මගේම තාත්තා වෙලා උපදින්න. එයයි මගේ සැමදා පැතුම. අපි ඔබට ගොඩාක් ආදරෙයි. 


මීට ඔයාගේ දුව


පුංචි දවස්වල වගේ 
ඒ ආදරේට මම අදටත් ආදරේ නැතුව නෙමෙයි
මං මුරණ්ඩු උනාම 
මගේ හිත රිද්දන්න බැරිකමට
මට බැන්නේ නැතුව හිටිය හැටි 
මතකේ නැතුව නෙමෙයි
මට නොකියාම මාව දාලා දුර ගියාට 
මම තරහා නැතුවා නෙමෙයි
මහා මෙරක් සෙනෙහස දීලා 
මගේ ජිවිතේ ලස්සන කරපු හැටි
මගේ මතකේ නැතුව නෙමෙයි
තාත්තා නැති අඩුව දැනුනාම 
තාත්තිගේ පින්තුරේ දිහා බලාගෙන
ඒ ආදරේ මතක් කර කර
මම අඬන්නේ නැතුව නෙමෙයි

Wednesday, March 28, 2012

අනෙ කෙල්ලනෙ බොලාගෙත් වැඩ


මෙක තමා මගෙ තුන් කුලුදුල් පොස්ට් එක.ඔන්න එහෙනම් නමොවිත්තියෙන් වැඩෙ පටන් ගමු.මෙ සිද්දිය වුනෙ කැම්පස් එකෙදි මගෙ හොදම යාලුවට.ඇත්තෙන්ම කිවොත් මගෙ යාලුවා ලැම්බට් කෙනෙක් අපි දෙන්නම පලවෙනි අවුරුද්දෙ.ඔන්න කැම්පස් පටන් ගත්ත අලුතම මගෙ යාලුවට කෙල්ල්ක්ට හිත ගියා.එයා ගැමි ලුක් එක තියන කෙල්ලෙක්. ඉතින් අපි අපෙ රෙඩාර් එ කෙල්ලගෙ වටෙට දාලා තිබ්බා.රෙඩාරෙට අනුව එකි බන්ඩාරවෙල කෙල්ලෙක් එකිට ජපුරෙ කොල්ලෙක් ඉන්නවා කියල ක්ලික් වුනා.
ඉතින් දැන් අරුට හෙන ගැහුවා වගෙ. ඉතින් ඔකා ටික කාලයක් ඇටි කෙහෙල් කාපු කොට්ටොරුවා වගෙ උන්නා.එත් අරු කොහොම හරි අර කෙල්ලට බහින්නම තමා දත කන්නෙ. ඉතින් අපි කෙල්ල එක්ක කතා කරලා අපි එක්ක එකට කන්න සෙට් කර ගත්තා.ඔන්න ඔය කාලෙ එකි කියපි දවසක් මගෙන් කැම්පස් එකට අපු දවසෙම කොල්ලෙක් කැමතිද ඇහුවා කියලා.ඔක අහලා අරුට 23000 මල පැන්නා.එත් ඌ third year කියලා දැන ගත්තම. අරු නැට්ට පශ්චාද් බාගෙ ගහ ගත්ත බලු පැටියා වගෙ වුනා.ඉතින් කොහොම හරි දැන් මගෙ යාලුව කෙල්ලට පැනිය දාගෙන ඉන්නවා.එකිත් මුගෙ පස්සෙන්ම තමා.අපි ට්‍රිප් ගියා,කන්න බොන්න අරහෙ මෙහෙ ගියා.එ කොහෙ ගියත් අරු පැනි මුට්ටියට වශි වුන ඇබලයා වගෙ අරකි ගාවින් හෙල්ලෙන්නෙ නැ.
ඔන්න මෙ ලගදි අර තර්ඩ් යර් අයියා අයෙත් මෙකි එක්ක තනියම කතාවට සෙට් වෙලා ඉන්නවා අපි දැක්කා.අරුට ආයෙත් මල 33000 ට.මෙන්න එ පාර අයියා එකිව එක්ක ගෙන බොඩිමට ගිහින් දාලත් අවා.අම්මා ගහයි බැට් එකෙන් කිවාලු.අරු දැන් අඩන්න වගෙ.ඔන්න එපාර එදා රැ මගෙ යාලුව කෙල්ලට මැස්සො යවලා මොකො වුනෙ අහලා.එකි කියලා අර අයියා ආයෙත් මගෙන් යාලු වෙන්න ඇහුවා කියලා ඉතින් කොහොම හරි එකි කිවාට එකිට කොල්ලෙක් ඉන්නවා කියලත් එකත් පට්ට බොරුවක් කියලා එකිම කියලා.කොහොම හරි එකිට කලින් කොල්ලෙක් ඉදලා තියනවා.එ කොල්ලත් කෙල්ලට වඩා අවුරුද්දක් බාලයි.මෙකි එදා කියල මගෙ යාලුවට ඔයාවයි පරන කොල්ලවයි තර්ඩ් යර් අයියාවයි එකට තිබ්බොත් මන් මුලින්ම තොර ගන්නෙ මගෙ යාලුවව කියලා.ඔන්න ඔය වගෙ හෙන මගුල ටොක් වගයක් කෙල්ල මුට කියලා.එ මදිවට මෙකි කියලා මගෙ යාලුවට ආදරෙයි කියලා.ඉතින් මු හිතලා වැඩෙ හරි තමා කියලා.එ පාර මෙ ගොතයා අඩලද කොහෙද..මු මහ රැ මැස්සො එවලා මෙ ඔක්කොම කිවා.
ඔන්න ඉලග දවසෙ අර කෙල්ල ආපු ගමන් යාලුවගෙ අතින් අල්ලන් පැත්තකට ගිහින් මොනාදො සුටු සුටු ගැවා.මෙන්න එදා රැ මුන් දෙන්නා එක්ක රුපියල් 600 විතර සල්ලි පුච්චලා කොල් අර ගෙන.මෙකි එදා රැ යාලුවට කියලා ඔන්න ඉලග දවසෙ මෙන්න මෙකි අර අයියා එක්ක කැන්ටින් එකට වෙලා හැලප කනවා.හත්තිලව්වට ගහපු කලාබරෙ වගෙ අරුගෙ මුනත් තහඩුව ඇද වුනා.කොහොම හරි එදා හවස මුව ගෙදර එක්ක ගෙන යන්නත් මට සිද්ද වුනා.මෙ යන අතර මගදි වෙන්න ඔනි හැම එකම වුනා.යන අතර මගදි මුන් දෙන්න එකසිය ගානට මැස්සො යවන්න ගත්තා.මෙකි ගිරවි වගෙ හැම එකම වමාරන්න ගත්තා.මෙකි කියනවා මගෙ යලුවා මෙකිට වඩා බාල නිසා යාලු වෙන්න බයලු.ඉට පස්සෙ මගෙ යාලුවා ඇහුවා ඔයා කාට්ද ආදරෙ කියලා.එතකොට මෙකි කියපි මන් ආදරෙ ඔයාට කියලා මන් තාම තර්ඩ් යර් අයියා ගැන හිතලවත් නැ කියලා මෙකි කිවා.එත් මෙකි මගෙ යාලුවා එක්ක යාලු වෙන්න අදි මදි කරනවා.ඉතින් ඔහොම කියලා විනාඩි 5ක් ගත වුනෙ නැහැ.කෙල්ල කොල් කරල මගෙ යාලුවට කිවා මන් තර්ඩ් යර් අයියා එක්ක යාලු වුනා කියලා.
අපිට උතුර දකුනා මාරු වුනා එක අහලා.යකො විනාඩි 5න් කොහොමද අර කොල්ලට කැමති වුනෙ.මෙච්ච්ර මුට බලා පොරොත්තු දිලා කොස් ගහට හෙන ගැහුවා වගෙ වෙන එකෙක්ට කැමති කිවාලු.
කොහොම නමුත් අන්තිමෙ අපි හැම දෙම දැන ගත්තා.මෙ කෙල්ල අවුරුදු 17 දි කෙල්ලෙක් කියන තැනින් මිදිලා ගැනියෙක් බවට පත් වෙලා.මෙ ඇබැද්දිය මෙකිට කරලා තියන්නෙ එකිගෙ පරන කොල්ලා.එතකොට තමා අපිට මෙකි අපිට දිපු හින්ට් වල තෙරුම වැටහුනෙ.එකි මගෙ යාලුවට කියලා තියනවා මන් ඔයා එක්ක යාලු වෙන්න කැමති නැත්තෙ සමහර විට මන් ඔයාට ඇත්තටම ආදරෙ නිසා වෙන්න ඇති කියාලා.ඉතින් සමහර විට කෙල්ල මගෙ යාලුවට කැමති නොවුනෙත් මෙ හෙතුව නිසා වෙන්න ඇති.
කොහොම නමුත් මගෙ යාලුවත් කලින් දැන ගෙන ඉදලා තියනවා කෙල්ල ගැහැනියක් වෙල ඉන්න කෙනෙක් කියලා.එහෙම වෙලත් තමා මු එකිට කැමති වුනෙ.මොනා වුනත් එකි මගෙ යාලුවට බලාපොරොත්තු දුන්න එක මහා බලු වැඩක්.මොනා වුනත් මෙ කෙල්ලගෙයි තර්ඩ් යර් කොල්ලගෙයි සින් එක අපිට හොරෙන් එදා ඉදන්ම ගිහින් තියනවා.එකෙන් අපි තෙරුම් ගත්තා අපෙ රෙඩාර් පද්දතිය සැහෙන දුර්වලයි කියලා.දැන් කෙල්ල අපි එක්ක කන්න එන්නෙ නැ.එකි වෙනම කනවා. එයා අපිව ගනන් ගන්න හැදුවත් අපි එයාව ගනන් ගන්නෙ නැහැ.එයා කරපු වරදට දඩුවම එයා විදින්න ඔනි.
මොනවා වුනත් අපිට තවම තෙරුම් ගන්න බැරි මෙ කෙල්ල ඇත්තටම මගෙ යාලුවට ආදරෙ නිසා මගෙ යාලුවව අත් අරියද.නැත්නම් මෙකි අර අයියා එක්ක එදා ඉදන්ම සම්බන්දෙ පවත්ත්වගෙන ආපු නිසා මගෙ යාලුවව අත් ඇරියද කියලා අදටත් අපිට ප්‍රශ්නයක්.මෙවා විතරක් නෙමෙ තව අපිට අපැහැදිලි තැන් බර ගානක් මෙ කතාවෙ ඉතිරි වුනා.එ අපැහැදිලි තැන් එක්කම මෙ කතාව යට ගියාවක් බවට පත් වුනා....

___අතින් කයිට්___





මේ සිද්දිය උනේ මම රැකියාවක් සඳහා විදෙස්ගතවෙලා ඉන්න අතරතුර කාලයේදී .විදෙස්ගත උනේ රැකියාවක් කරන අදහසින් උනත්,මං රැකියාව කරන ස්ථානයට වඩා වැඩි කාලයක් මා ගතකලේ කාමරයේය.ඒ අලුතින් ආරම්භ කල අපේ කොම්පැනියට අප වැනි වාසනාවන්ත පිරිසකගේ සම්ප්‍රාප්තිය නිසා ආයතනයම ඉතා ශීග්‍රයෙන් බංකලොත් වේගෙන ආවේය..විදුලි සෝපාන සමාගමක් වූ අප ආයතනයේ මුල්ම සාමාජිකයන් වූ අපි අපේ ලොක්කාට  අප අදහන ශාස්තෘවරුන්ටත් වඩා ගරු කළේය. ඒ අපට වැඩ නොමැති උවද කලට වෙලාවට අපට පඩි ලබා දුන් නිසාය.
                         ඒ දිනවල මට අප ආයතනයේ ලොක්කා පෙනුනේ අපගේ පූරුවේ ණය කාරයෙක් ලෙසටය.
සක්විති මෙන් ඔහුද පෙර ආත්මයක අපට පොල්ලක් තියන්නට ඇතියැයි මට සිතුන වාර ගණන අනන්තය.
මගේ කාමරය මා ගැසූ අයිස් වලින් සීත ගබඩාවක් වෙමින් පැවතුනද මා ලංකාවේ මිතුරන්ට පවසා තිබුනේ ඒ මුළු රටම මාගේ අතින් පාලනය වන තරමට මා කාර්ය බහුල පුද්ගලයෙක් කියාය.
එසේ කීමට හේතුවනම් නිකන් ඉදන් පඩි ගනීම ගැන මාගේ මිතුරන්ට මා ගැන දුකක් ඇති වී,ඔවුන් එ ගැන ඕනාවට වඩා සිතන්නට යැමෙන් මට  ඇස්වහ කටවහ වදීයැයි මගේ අම්මා මට නිතර සිහිකළ නිසාය.
කොහොම නමුත් මිතුරන්ට මගේ කාර්යබහුලත්වය පෙන්වීම සදහා මං නොගත් උත්සහයක් නැත.
එ සදහා ඔවුන් මා වෙත ලබාදෙන මිස්කෝල් දහයකට එක් වරක් පමණක් මිස් කෝල් දීම,කෝල් එකක් අතර තුරදී "මචං මං බිසී " යැයි පවසා කෝල් එක කට් කිරීම විශේෂ විය.
                              ඔය අතරතුරේදී තමයි මට චතුක මල්ලිගෙන් කෝල් එකක් අවේ.කෝල් එකක් කිව්වට එ කිසිම අවස්ථාවක මාගේ ෆෝන් එක තත්පරයකට වඩා නාද උනේ නැත.කොහොම නමුත් ඔය විදිහට මට මිස් කෝල් දහයක් විතර ඇවිත් තිබුනා.ඒ ගෙවුනේ මාසේ අන්තිම දවස් කිහිපය නිසා ලංකාවේදී මෙන්ම මාසේ අන්තිම වෙනකොට හතේ හත වැදීමපුරුද්දකට වගේ මට ඒ රටේදීත් උනා.ෆෝන් එකේ සත අරික්කලක්වත් නොතිබුන මට ෆෝන් එකට කාඩ් එකක් දා ගන්න අල්ලපු කාමරේ හිටිය ජයවීර අයියා වැඩ ඇරිලා එනකන් ඉන්න සිද්ද උනා.
                     ජයවීර අයියා ආවම මං යාලුවොත් එක්ක ට්‍රිප් එකක් යන්න තාත්තාගෙන් අවසර ඉල්ලන පොඩි එකෙක් වගේ  ජයවීර අයියා වටේ දැවටී දැවටී ඉදල එයාගෙන් කාඩ් එකට ඕන ගාන තට්ටු කරගත්තා.
ඔය අතරේ මට "සල්මාන් අයියේ  හදිස්සියක්,මට කෝල් එකක් ගන්න" කියල චතුක මල්ලිගෙන් කෙටි පණිවිඩයක් අවා. ඒ පාර මං කඩිමුඩියේ කඩේට ගිහින් කාඩ් එකක් දාගෙන චතුක මල්ලිට කෝල් එකක් දුන්නා.ෆෝන් එක තුන හතර වතාවක් නාදවීමෙන් පසුව චතුක මල්ලි "හලෝ" කිව්වා.
"ඇයි මල්ලි මිස් කෝල් ගැහුවේ? මොකක් හරි හදිස්සියක්ද? ගෙදර සේරම හොදින් ඉන්නවා නේද?" මං ඇහුවා."ගෙදර අය සේරම හොදින් ඉන්නවා එත් මට පොඩි කරදරයක් උනා.අයියා කවද්ද ලංකාවට එන්නේ?" චතුක මල්ලි මගෙන් ඇහුව්වා. අපේ අම්මා තාත්තවත් නොඅහන ප්‍රශ්නයක් එකපාරටම චතුක මල්ලි මගේ අහන එක මට මාරම ප්‍රශ්නයක් උනා. "ඇයි මල්ලි මොකක්ද සීන් එක " මං අයෙත් ඇහුව්වා.
"නෑ..නෑ අයියේ මේ..මෙකයි ප්‍රශ්නේ ..මං නුවර ගියාම මට කෙල්ලෙක් සෙට් උනා.ඉතින් මං ඒ කෙල්ලට මගේ නම්බර් එක දුන්න.ඉතින් එහෙ ගිහින් එනකොට බස් එකේදී මගේ ෆෝන් එක වැටිලා...ඉතින් දැන් අර කෙල්ල ෆෝන් කරන්නේ ඔය ඒ නම්බර් එකටනේ..ඉතින් ඒ සිම් එක තියෙන්නේ ඔයාගේ නමටනේ..එකයි ඔය ලංකාවට ලගදි එනවද කියල දැනගන්න කෝල් කලේ ඔයාට කියල ඒ නම්බර් එකටම අලුත් සිම් එකක්‌ ගන්න." චතුක මල්ලි එහෙම කිව්වා.
         මගේ කෝපය නිම්හිම් නැතිඋනා. ඊට පස්සේ මං චතුක මල්ලිගේ අම්මගේ ගුණ ගායනා කරලා ෆෝන් එක තිබ්බ.....
ඔන්න ඔහොම තමයි ඉතින් එක එක මනුස්සයන්ගේ එක එක ගොන්කම් ප්‍රදර්ශනය වෙන හැටි. අනේ ඉතින් මමත් අතින් කයිට් කාගෙන අරුගේ අම්මට බැනලා පව් පුරෝගත්තනේ... ඔයාලත් එහෙම වෙලා තියෙනවද හෑ...???

Tuesday, March 27, 2012

___මනොලෝකය හැදුනු හැටි___







ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා දඩබ්බරයන්ගේ මනොලෝකයට ආපු ඔයාලා හැමෝවම...!!!
                                                                                    හ්ම්ම් කොහෙන්ද මේක කියන පටන් ගන්නේ....??
හරි මේක පටන් ගන්න අදහස ආපු තැනින්ම පටන් ගන්නම්කො.මේක ගැන මුලින්ම අදහස ආවේ අපේ කාජල්ට. කාජල් කියන්නේ මාරම දක්ෂ, හොඳ හැකියාවන් ගොඩාක් තියෙන හරිම ලස්සන මෝඩ කෙල්ලෙක්.එයා මෝඩ කෙල්ලෙක් කියලා ඔප්පු කරන්න පුළුවන් හොඳම සාධකය තමයි මට එයා මේ බ්ලොග් එක ලියන්න එන්න කියලා අඩගපු එක.... කාජල්නම් අම්බානෙක බ්ලොග් වලට සහාභාගී වෙලා තියෙනවා. හැබැයි ඒ මේ නමින් නෙමෙයි.  එයාට කුලුඳුලේ ආශාවක් ඇතිවෙලා තියෙනවා අපි කට්ටියවම එකතුකරගෙන මේ අලුත් වැඩේ කරන්න. 
   

දැන්මං කියන්නම් අනිත් කෙනා ගැන. එයා තමයි ශාරුක්. ශාරුක් කියුවට ඉතින් ශාරුක් ඛාන් ගේ අහලකින්වත් තියන්න බෑ. එත් ඉතින් පොරගේ ආසාව නිසා ඔහේ ශාරුක් කියලා නම දාගන්න අපි ඉඩ දුන්නා. එයාත් ගොඩාක් හැකියාවන් තියෙන මාර ක්‍රියේටිව් කෙනෙක්. එයත් බ්ලොග් වල කලින් කතෘ කෙනෙක් විදියට ඉඳලා තියෙනවා. මේ දවස් ටිකේ මිනිහා පෙන්න නැහැ. එක එක කාලෙට මිනිහට එක එක පිස්සු එනවා. 
                                                  අනිත් කෙනා තමයි මේක ලියන සල්මාන්. ඒ කියන්නේ මම. මමනම් මීට කලින් කිසිම බ්ලොග් එකකට සම්බන්ධ නොවුන කෙනෙක්. කාජල් තමයි මේවා ගැන මට කියලා දුන්නෙත්, මට මේවා ගැන ආසාවක්, උනන්දුවක් ඇති කලෙත්.ඒ ගැන එයාට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ.(අමාරුවෙන් හරි මම ඒවා අහගෙන උන්නා.)
                         දැන් කියන්නම් අපි කරන්න යන වැඩේ මොකක්ද කියලා. මේකේ නමේම පොඩි පිස්සු අමුතු ගතියක් තියෙනවා නේද? ඔය නමේ විදිහටම අපිත් ටිකක් දඩබ්බරයි. ඒ වගේම අපිට අපේ මනොලොකවලට ගොඩවදින්නත් පුළුවන්. මාරයි නේද හෑ.. අපි මේකෙන් ඉදිරිපත් කරන්නෙත් අපේ මනොලොකවල තොරතුරු තමයි.ඒ අතරේ අපේ ජිවිත වල ආගිය තොරතුරුත් කියනවා.


මේක අපි ඉදිරියට කරගෙන යනකොට මොන මොන දේ වෙනස් වෙයිද කියලානම් දන්නේ නෑ. ඒ මොනවා නමුත් හොඳ දෙයක් කරන්න තමයි අපි තුන්දෙනාගෙම බලාපොරොත්තුව.
එහෙනම් අද ඉඳං මේ දඩබ්බරයන්ගේ මනොලොකවල තොරතුරු අපි හැමෝමත් එක්ක බෙදාගන්න එන්න කියලා මං ඔයාලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා...