Thursday, May 10, 2012

මල් වැට අද්දර



හමුවීමේ අග වියෝව කඳුලකි. එදා ඔබට කොඳුරා             කීවේ
ඔබේ මගේ අත් පැටලී තිබියදී කඳු යායම දා හළු                වූවේ
අදත් හදේ රැඳී රුක්මල් සුවඳකි නෙතේ කඳුළු බිඳු බොඳ    වූවේ
එදා ඔබේ හිස පිරිමැදී සුරතිනි මෙදා දුකට කවියක්             ලීවේ 




ගිම්හානය අග වසන්ත දිනිතිය මිහිරි හඬින් කවි ගී                  ගැයුවේ
නෙතු කොන රැඳවුණු කඳුළු පිසින්නට ඇයගේ රතැගිලිදිගු      වූවේ
ඔබ මා ගිය මග ඔහු හා ගියේ නෑ අතීත පෙම හදතුල                වූවේ
එදා ඔබට පිදු සෙනෙහස අඩු නැහැ මේ තනිකම හොඳයැයි     සිතුවේ

18 comments:

  1. හ්ම්ම්..එකනම් ඇත්ත... :(

    ReplyDelete
  2. ලස්සන කවියක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති දිනේෂ්

      Delete
  3. මටනම් හිතෙන්නෙ "කුම්බලා කෑවනම් විඳවපන් බළලෝ" වගෙ හැඟීමක්

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ලොකු ජෝන්. තාම විඳවනවා

      Delete
  4. "එදා ඔබේ හිස පිරිමැදී සුරතිනි මෙදා දුකට කවියක් ලීවේ"

    හයියූ ඇඩෙනව අප්ප.....:‘(

    ReplyDelete
    Replies
    1. අඩන්න එපා හයියෝ

      Delete
  5. දුකයි හිතට :(((

    ReplyDelete
  6. දෙකක් ඇනගෙන අමතක කරල දාමු...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබා මාමේ. එහෙමවත් කරගන්න ඕනා

      Delete
  7. රගපෑම කෙසේ වෙතත් නියම කවියක් හිතටම වදිනවා

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ශාරු :)

      Delete
  8. විරහව පිරුණු කවියක්... සුභ පැතුම්

    ReplyDelete
  9. අනේ තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට මට පොඩ්ඩක් මේක තේරෙනවා මදි මදි වගේ .....

    ReplyDelete