ඔබේ මගේ අත් පැටලී තිබියදී කඳු යායම දා හළු වූවේ
අදත් හදේ රැඳී රුක්මල් සුවඳකි නෙතේ කඳුළු බිඳු බොඳ වූවේ
එදා ඔබේ හිස පිරිමැදී සුරතිනි මෙදා දුකට කවියක් ලීවේ
ගිම්හානය අග වසන්ත දිනිතිය මිහිරි හඬින් කවි ගී ගැයුවේ
නෙතු කොන රැඳවුණු කඳුළු පිසින්නට ඇයගේ රතැගිලිදිගු වූවේ
ඔබ මා ගිය මග ඔහු හා ගියේ නෑ අතීත පෙම හදතුල වූවේ
එදා ඔබට පිදු සෙනෙහස අඩු නැහැ මේ තනිකම හොඳයැයි සිතුවේ
