Showing posts with label මතක. Show all posts
Showing posts with label මතක. Show all posts

Friday, March 30, 2012

තාත්තා වෙත ලියමි







ආදරණිය තාත්තා වෙත ලියමි..


ඔබගේ සැපදුක් කෙසේද? මමනම් සුවෙන් සිටිමි. මේ දවස් වල ලංකාවට කදිමට පායන්නේය.. ඉරට හැතැප්මක් ලෙස හැමවිටම දැනේ. ඉතින් දවසම දාඩිය පෙරී පෙරී සිටිමි. ඔබට කෙසේද තාත්තේ? ඔහේ සීතලද? අපිට නම් නතරම ඔබව මතක් වේ. අයියා නිතරම කතා කර කර සුව දුක් විමසයි. ඔහු දැන් වෙනස් වී ඇත. ජීවිතය ගැන බැරෑරුම් ලෙස දකී. අම්මා හැමදේකදිම අපිට උදව් වෙයි. කිසිම දෙයක් ගැන ඕනාවට වඩා නොහිත ජිවිතේ ගැන විහිළුවෙන් හිතපු මම දැන් හැමදෙයක් ගැනම සිතීමට පෙළබි ඇත. එය සිදුවුයේ ඔබගේ උණුහුම අපිට නැති වුනාට පසුවය. ඔබ අපිට නැති දුක හැමදාම හිතේ දෝංකාර දුන් නමුත් මගේ ජීවිතය මේ ලෙස සැකසීම ගැන මම අනේකවාරයක් සතුටුවීමි. ඉල්ලන  ඉල්ලන හැමදේම ලැබී අප , ලෝකයේ අප වඩාත්ම ආදරේ කරපු දෙයක් නැති වුනු වෙලාවේ දැනුනු දුක අන් කිසිම දෙයකට සමාන කල නොහැක. ඒ නිසා දැන් මම කිසි දෙයක් නොලැබුනද මට සතුටින් ජිවත් විය හැක. එහෙත් ඔබ නැති අඩුව වෙනදාටත් වඩා දිනෙන් දින ඉතාමත් කටුක ලෙස දැනෙන්නට පටන් ගෙනය. නිතරම කඳුලෙන් ගත කිරීමට අකමැති නිසා ඔබ කැමති වූ ආකාරයටම මම ජිවිතේ ගෙන යන්නෙමි. මම මල්ලි අම්මි අයියා හැමදාටම ඔබට පණ මෙන් ආදරෙය. මට නොකියාම ගිය නිසා මම ඔබත් සමග අමනාපයෙන් සිටින්නෙමි. කවදාහෝ ඔබව දැකීමට හමුවූ පසු ඔබට එයට ගුටියක්‌ ලැබෙනු ඇත. ඊයේ ඔබේ උපන්දිනය.ඔබ ඉපදුනේ ලස්සන දවසකය. ඔබ අපිව දමා ගියෙත් ඔබ ඉපදුනු දවසේමය. ඒ නිසා ඔබ ලෝකයේ විශේෂම පුද්ගලයා ලෙස මට දැනේ. ඉතින් තාත්තේ ජේසුට කියලා මතු බවයෙත් මගේම තාත්තා වෙලා උපදින්න. එයයි මගේ සැමදා පැතුම. අපි ඔබට ගොඩාක් ආදරෙයි. 


මීට ඔයාගේ දුව


පුංචි දවස්වල වගේ 
ඒ ආදරේට මම අදටත් ආදරේ නැතුව නෙමෙයි
මං මුරණ්ඩු උනාම 
මගේ හිත රිද්දන්න බැරිකමට
මට බැන්නේ නැතුව හිටිය හැටි 
මතකේ නැතුව නෙමෙයි
මට නොකියාම මාව දාලා දුර ගියාට 
මම තරහා නැතුවා නෙමෙයි
මහා මෙරක් සෙනෙහස දීලා 
මගේ ජිවිතේ ලස්සන කරපු හැටි
මගේ මතකේ නැතුව නෙමෙයි
තාත්තා නැති අඩුව දැනුනාම 
තාත්තිගේ පින්තුරේ දිහා බලාගෙන
ඒ ආදරේ මතක් කර කර
මම අඬන්නේ නැතුව නෙමෙයි