Friday, March 30, 2012

තාත්තා වෙත ලියමි







ආදරණිය තාත්තා වෙත ලියමි..


ඔබගේ සැපදුක් කෙසේද? මමනම් සුවෙන් සිටිමි. මේ දවස් වල ලංකාවට කදිමට පායන්නේය.. ඉරට හැතැප්මක් ලෙස හැමවිටම දැනේ. ඉතින් දවසම දාඩිය පෙරී පෙරී සිටිමි. ඔබට කෙසේද තාත්තේ? ඔහේ සීතලද? අපිට නම් නතරම ඔබව මතක් වේ. අයියා නිතරම කතා කර කර සුව දුක් විමසයි. ඔහු දැන් වෙනස් වී ඇත. ජීවිතය ගැන බැරෑරුම් ලෙස දකී. අම්මා හැමදේකදිම අපිට උදව් වෙයි. කිසිම දෙයක් ගැන ඕනාවට වඩා නොහිත ජිවිතේ ගැන විහිළුවෙන් හිතපු මම දැන් හැමදෙයක් ගැනම සිතීමට පෙළබි ඇත. එය සිදුවුයේ ඔබගේ උණුහුම අපිට නැති වුනාට පසුවය. ඔබ අපිට නැති දුක හැමදාම හිතේ දෝංකාර දුන් නමුත් මගේ ජීවිතය මේ ලෙස සැකසීම ගැන මම අනේකවාරයක් සතුටුවීමි. ඉල්ලන  ඉල්ලන හැමදේම ලැබී අප , ලෝකයේ අප වඩාත්ම ආදරේ කරපු දෙයක් නැති වුනු වෙලාවේ දැනුනු දුක අන් කිසිම දෙයකට සමාන කල නොහැක. ඒ නිසා දැන් මම කිසි දෙයක් නොලැබුනද මට සතුටින් ජිවත් විය හැක. එහෙත් ඔබ නැති අඩුව වෙනදාටත් වඩා දිනෙන් දින ඉතාමත් කටුක ලෙස දැනෙන්නට පටන් ගෙනය. නිතරම කඳුලෙන් ගත කිරීමට අකමැති නිසා ඔබ කැමති වූ ආකාරයටම මම ජිවිතේ ගෙන යන්නෙමි. මම මල්ලි අම්මි අයියා හැමදාටම ඔබට පණ මෙන් ආදරෙය. මට නොකියාම ගිය නිසා මම ඔබත් සමග අමනාපයෙන් සිටින්නෙමි. කවදාහෝ ඔබව දැකීමට හමුවූ පසු ඔබට එයට ගුටියක්‌ ලැබෙනු ඇත. ඊයේ ඔබේ උපන්දිනය.ඔබ ඉපදුනේ ලස්සන දවසකය. ඔබ අපිව දමා ගියෙත් ඔබ ඉපදුනු දවසේමය. ඒ නිසා ඔබ ලෝකයේ විශේෂම පුද්ගලයා ලෙස මට දැනේ. ඉතින් තාත්තේ ජේසුට කියලා මතු බවයෙත් මගේම තාත්තා වෙලා උපදින්න. එයයි මගේ සැමදා පැතුම. අපි ඔබට ගොඩාක් ආදරෙයි. 


මීට ඔයාගේ දුව


පුංචි දවස්වල වගේ 
ඒ ආදරේට මම අදටත් ආදරේ නැතුව නෙමෙයි
මං මුරණ්ඩු උනාම 
මගේ හිත රිද්දන්න බැරිකමට
මට බැන්නේ නැතුව හිටිය හැටි 
මතකේ නැතුව නෙමෙයි
මට නොකියාම මාව දාලා දුර ගියාට 
මම තරහා නැතුවා නෙමෙයි
මහා මෙරක් සෙනෙහස දීලා 
මගේ ජිවිතේ ලස්සන කරපු හැටි
මගේ මතකේ නැතුව නෙමෙයි
තාත්තා නැති අඩුව දැනුනාම 
තාත්තිගේ පින්තුරේ දිහා බලාගෙන
ඒ ආදරේ මතක් කර කර
මම අඬන්නේ නැතුව නෙමෙයි

26 comments:

  1. ජීවිතේ හැටි ඔහොම තමයි කාජල්..
    ඔයාගේ තාත්තා හොඳ තැනක ඇති..
    ඔයා කිව්වා වගේ ලබන ආත්මේ ඔයාගෙම තාත්තා වෙන්න එයත් ආසාවෙන් බලන් ඇති..

    ReplyDelete
    Replies
    1. ඔව් යාලු. මමත් හැමදාම එහෙමයි හිතලා හිත හදාගන්නේ.
      බොහොම ස්තුති

      Delete
  2. තාත්තලා වැඩියෙන් ආදරේ දූලට ලු.. අපේ තාත්තත් එහෙමයි.. වැඩිය ආදරේ අක්කට.. ඔයාගේ තාත්තා ලබන ආත්මෙකදිම ඔයාගෙම තාත්තා වේවි..

    ReplyDelete
    Replies
    1. ඔව් තාත්තලා වැඩියෙන් ආදරේ දුලට තමයි :)
      මමත් පතන්නේ එච්චරයි :)

      Delete
  3. හිතට හයිය අරගෙන ඉන්න....තාත්ත කොහේ හරි ඉඳල ඔයා දිහා බලාගෙන ඇති.....

    ReplyDelete
    Replies
    1. මම දන්නවා හැමදාම මගේ දිහා එයා බලාගෙන ඉන්නවා කියලා :)

      Delete
  4. මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඅැල්ල මහත්තයගෙ ජීවිත කතාව හොයාගන්න ට්‍රයි කරන්න! බැරි උනොත් මම කෙටියෙං කියන්නං තව දවස් දෙකකිං! (මං ගෙදර නෑ එ්කයි!)

    ReplyDelete
    Replies
    1. ඇවිත් කියන්නකෝ

      Delete
  5. මගෙ ආදරී මේක දැක්කොත් දුක හිතෙයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇයි ආදරිගේ තාත්තත් නැහැද?

      Delete
  6. ඔයාගෙ තාත්තා ලබන ආත්මෙ ඔයා ලගම උපදිවි බය වෙන්න එපා.කොහොමත් දුවලට තාත්තලා වැඩියෙන් ආදරෙලු.

    ReplyDelete
    Replies
    1. ඔව් ශාරු..
      බොහොම ස්තුති.. :)

      Delete
  7. ගොඩක් දැනෙන පෝස්ට් එකක්.තාත්තලා වැඩිපුර ආදරෙයි දුවල‍ට නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් නගෝ. දුලට තමයි :)

      Delete
  8. දුවලට විතරක් නෙවෙයි පුතාලටත් තාත්තා නැති අඩුව දැනෙනවා. මටත් මගේ තාත්තා නැති වෙනකොට මං ඉස්කෝලේ 8 වසරේ. මේක මටත් ගොඩාක් හිතට දැනෙන පොස්ට් එකක්.
    මේ දවස් වල ලංකාවට පායන්නේය කියන්නේ දැන් කාජල් ඉන්නේ ලංකාවේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ඇත්ත. මගේ යාලුවෙක් ඉන්නවා පිරිමි ළමයෙක්. එයාගේ තාත්තා නැති උනේ එයා 7 වසෙරේ ඉද්දි. එයාත් තාත්තාව ගොඩාක් මතක් කරනවා.
      තාත්තාගේ ආදරේ අපි හැමෝටම එක සමානයි :)

      අනේ මම වැකේෂන් එකකට ආවා ලංකාවට, :)

      Delete
  9. ඔයාගෙ තාත්තා කොහේ හරි ඉඳන් ඔයාලා දිහා බලාගෙන ඇති.සෑහෙන්න හිතට දැනුන පෝස්ට් එකක්.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් බොහොම ස්තුති මේ පැත්තේ ආවට :)

      Delete
  10. හිතට හයිය ගනින් දුවේ!!!
    මේක නං වැදුනා මොලේටම

    ReplyDelete
    Replies
    1. රජාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා.
      හිතට හයිය අරගෙන තමයි ඉන්නේ , නැත්තම් මම මෙලහකටත් නැහැ

      Delete
  11. දුක හිතෙන පෝස්ට් එකක්! හිත ශක්තිමත් කරගන්න...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවාට ස්තුති

      Delete
  12. අයියෝ කාජල් අක්කා... ඉස්සෙල්ලම ආපු දවසේ දුක හිතෙන කතාවක්ද තියෙන්නේ... සැලෙන්න එපා... කවදාහරි එයාලට අපිව දාල යන්නම වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත කෙල්ලේ. ඒ උනත් අම්මා තාත්තා නැතිවෙන එක තරම් දුකක් තවත් නැහැ

      Delete
  13. මමත් ඉස්සෙල්ල ම ආවේ අදයි. සංවේදී පෝස්ට් එකක්.....
    මොනව වුණත් තාත්තා හොඳ තැනක ඇති....
    අපේ තාත්තත් මට තමා වැඩිපුර ආදරේ......

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. ස්තුති මේ පැත්තට ආවට :)

      Delete