
මෙක තමා මගෙ තුන් කුලුදුල් පොස්ට් එක.ඔන්න එහෙනම් නමොවිත්තියෙන් වැඩෙ පටන් ගමු.මෙ සිද්දිය වුනෙ කැම්පස් එකෙදි මගෙ හොදම යාලුවට.ඇත්තෙන්ම කිවොත් මගෙ යාලුවා ලැම්බට් කෙනෙක් අපි දෙන්නම පලවෙනි අවුරුද්දෙ.ඔන්න කැම්පස් පටන් ගත්ත අලුතම මගෙ යාලුවට කෙල්ල්ක්ට හිත ගියා.එයා ගැමි ලුක් එක තියන කෙල්ලෙක්. ඉතින් අපි අපෙ රෙඩාර් එ කෙල්ලගෙ වටෙට දාලා තිබ්බා.රෙඩාරෙට අනුව එකි බන්ඩාරවෙල කෙල්ලෙක් එකිට ජපුරෙ කොල්ලෙක් ඉන්නවා කියල ක්ලික් වුනා.
ඉතින් දැන් අරුට හෙන ගැහුවා වගෙ. ඉතින් ඔකා ටික කාලයක් ඇටි කෙහෙල් කාපු කොට්ටොරුවා වගෙ උන්නා.එත් අරු කොහොම හරි අර කෙල්ලට බහින්නම තමා දත කන්නෙ. ඉතින් අපි කෙල්ල එක්ක කතා කරලා අපි එක්ක එකට කන්න සෙට් කර ගත්තා.ඔන්න ඔය කාලෙ එකි කියපි දවසක් මගෙන් කැම්පස් එකට අපු දවසෙම කොල්ලෙක් කැමතිද ඇහුවා කියලා.ඔක අහලා අරුට 23000 මල පැන්නා.එත් ඌ third year කියලා දැන ගත්තම. අරු නැට්ට පශ්චාද් බාගෙ ගහ ගත්ත බලු පැටියා වගෙ වුනා.ඉතින් කොහොම හරි දැන් මගෙ යාලුව කෙල්ලට පැනිය දාගෙන ඉන්නවා.එකිත් මුගෙ පස්සෙන්ම තමා.අපි ට්‍රිප් ගියා,කන්න බොන්න අරහෙ මෙහෙ ගියා.එ කොහෙ ගියත් අරු පැනි මුට්ටියට වශි වුන ඇබලයා වගෙ අරකි ගාවින් හෙල්ලෙන්නෙ නැ.
ඔන්න මෙ ලගදි අර තර්ඩ් යර් අයියා අයෙත් මෙකි එක්ක තනියම කතාවට සෙට් වෙලා ඉන්නවා අපි දැක්කා.අරුට ආයෙත් මල 33000 ට.මෙන්න එ පාර අයියා එකිව එක්ක ගෙන බොඩිමට ගිහින් දාලත් අවා.අම්මා ගහයි බැට් එකෙන් කිවාලු.අරු දැන් අඩන්න වගෙ.ඔන්න එපාර එදා රැ මගෙ යාලුව කෙල්ලට මැස්සො යවලා මොකො වුනෙ අහලා.එකි කියලා අර අයියා ආයෙත් මගෙන් යාලු වෙන්න ඇහුවා කියලා ඉතින් කොහොම හරි එකි කිවාට එකිට කොල්ලෙක් ඉන්නවා කියලත් එකත් පට්ට බොරුවක් කියලා එකිම කියලා.කොහොම හරි එකිට කලින් කොල්ලෙක් ඉදලා තියනවා.එ කොල්ලත් කෙල්ලට වඩා අවුරුද්දක් බාලයි.මෙකි එදා කියල මගෙ යාලුවට ඔයාවයි පරන කොල්ලවයි තර්ඩ් යර් අයියාවයි එකට තිබ්බොත් මන් මුලින්ම තොර ගන්නෙ මගෙ යාලුවව කියලා.ඔන්න ඔය වගෙ හෙන මගුල ටොක් වගයක් කෙල්ල මුට කියලා.එ මදිවට මෙකි කියලා මගෙ යාලුවට ආදරෙයි කියලා.ඉතින් මු හිතලා වැඩෙ හරි තමා කියලා.එ පාර මෙ ගොතයා අඩලද කොහෙද..මු මහ රැ මැස්සො එවලා මෙ ඔක්කොම කිවා.
ඔන්න ඉලග දවසෙ අර කෙල්ල ආපු ගමන් යාලුවගෙ අතින් අල්ලන් පැත්තකට ගිහින් මොනාදො සුටු සුටු ගැවා.මෙන්න එදා රැ මුන් දෙන්නා එක්ක රුපියල් 600 විතර සල්ලි පුච්චලා කොල් අර ගෙන.මෙකි එදා රැ යාලුවට කියලා ඔන්න ඉලග දවසෙ මෙන්න මෙකි අර අයියා එක්ක කැන්ටින් එකට වෙලා හැලප කනවා.හත්තිලව්වට ගහපු කලාබරෙ වගෙ අරුගෙ මුනත් තහඩුව ඇද වුනා.කොහොම හරි එදා හවස මුව ගෙදර එක්ක ගෙන යන්නත් මට සිද්ද වුනා.මෙ යන අතර මගදි වෙන්න ඔනි හැම එකම වුනා.යන අතර මගදි මුන් දෙන්න එකසිය ගානට මැස්සො යවන්න ගත්තා.මෙකි ගිරවි වගෙ හැම එකම වමාරන්න ගත්තා.මෙකි කියනවා මගෙ යලුවා මෙකිට වඩා බාල නිසා යාලු වෙන්න බයලු.ඉට පස්සෙ මගෙ යාලුවා ඇහුවා ඔයා කාට්ද ආදරෙ කියලා.එතකොට මෙකි කියපි මන් ආදරෙ ඔයාට කියලා මන් තාම තර්ඩ් යර් අයියා ගැන හිතලවත් නැ කියලා මෙකි කිවා.එත් මෙකි මගෙ යාලුවා එක්ක යාලු වෙන්න අදි මදි කරනවා.ඉතින් ඔහොම කියලා විනාඩි 5ක් ගත වුනෙ නැහැ.කෙල්ල කොල් කරල මගෙ යාලුවට කිවා මන් තර්ඩ් යර් අයියා එක්ක යාලු වුනා කියලා.
අපිට උතුර දකුනා මාරු වුනා එක අහලා.යකො විනාඩි 5න් කොහොමද අර කොල්ලට කැමති වුනෙ.මෙච්ච්ර මුට බලා පොරොත්තු දිලා කොස් ගහට හෙන ගැහුවා වගෙ වෙන එකෙක්ට කැමති කිවාලු.
කොහොම නමුත් අන්තිමෙ අපි හැම දෙම දැන ගත්තා.මෙ කෙල්ල අවුරුදු 17 දි කෙල්ලෙක් කියන තැනින් මිදිලා ගැනියෙක් බවට පත් වෙලා.මෙ ඇබැද්දිය මෙකිට කරලා තියන්නෙ එකිගෙ පරන කොල්ලා.එතකොට තමා අපිට මෙකි අපිට දිපු හින්ට් වල තෙරුම වැටහුනෙ.එකි මගෙ යාලුවට කියලා තියනවා මන් ඔයා එක්ක යාලු වෙන්න කැමති නැත්තෙ සමහර විට මන් ඔයාට ඇත්තටම ආදරෙ නිසා වෙන්න ඇති කියාලා.ඉතින් සමහර විට කෙල්ල මගෙ යාලුවට කැමති නොවුනෙත් මෙ හෙතුව නිසා වෙන්න ඇති.
කොහොම නමුත් මගෙ යාලුවත් කලින් දැන ගෙන ඉදලා තියනවා කෙල්ල ගැහැනියක් වෙල ඉන්න කෙනෙක් කියලා.එහෙම වෙලත් තමා මු එකිට කැමති වුනෙ.මොනා වුනත් එකි මගෙ යාලුවට බලාපොරොත්තු දුන්න එක මහා බලු වැඩක්.මොනා වුනත් මෙ කෙල්ලගෙයි තර්ඩ් යර් කොල්ලගෙයි සින් එක අපිට හොරෙන් එදා ඉදන්ම ගිහින් තියනවා.එකෙන් අපි තෙරුම් ගත්තා අපෙ රෙඩාර් පද්දතිය සැහෙන දුර්වලයි කියලා.දැන් කෙල්ල අපි එක්ක කන්න එන්නෙ නැ.එකි වෙනම කනවා. එයා අපිව ගනන් ගන්න හැදුවත් අපි එයාව ගනන් ගන්නෙ නැහැ.එයා කරපු වරදට දඩුවම එයා විදින්න ඔනි.
මොනවා වුනත් අපිට තවම තෙරුම් ගන්න බැරි මෙ කෙල්ල ඇත්තටම මගෙ යාලුවට ආදරෙ නිසා මගෙ යාලුවව අත් අරියද.නැත්නම් මෙකි අර අයියා එක්ක එදා ඉදන්ම සම්බන්දෙ පවත්ත්වගෙන ආපු නිසා මගෙ යාලුවව අත් ඇරියද කියලා අදටත් අපිට ප්‍රශ්නයක්.මෙවා විතරක් නෙමෙ තව අපිට අපැහැදිලි තැන් බර ගානක් මෙ කතාවෙ ඉතිරි වුනා.එ අපැහැදිලි තැන් එක්කම මෙ කතාව යට ගියාවක් බවට පත් වුනා....
ඔහොම කෙල්ලෝ ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. අවුරුදු 17 දී ගෑනියෙක් වෙලා කියන්නේ ඉතින් අනේ මන්දා.
ReplyDeleteඔයාගේ යාලුවට ඔයාලා වෙන හොඳ ගෑනු ළමයෙක්ව යාලුකරලා දෙන්න.
දැක්කා නේද පිට ලස්සනින් ගැහැණු ළමයෙක්ව මනින්න බැහැ කියලා. මට නම් ඔය කෙල්ල ගැන පුදුම කලකිරීමක් හිතෙන්නේ. ඔයාගේ යාලුවා නම් ඇත්තටම නියම ආදරවන්තයෙක්. නැත්තම් අර කෙල්ල ඔක්කොම විනාශ කරගත්තට පස්සෙත් යාලුවෙයිද...
හ්ම්ම් ....
අනිවා අනිවා අපි දැන් එයාට කෙල්ල්ක් සොයමින් යනවා.අර කෙල්ලව දැක්කත් මට 43000 මල පනිනවා.ඇත්තටම මාත් සැහෙන කල කිරුනා කෙල්ල ගැන.මගෙ යාලුව නම් බොක්කෙන් ආදරෙ කරන කෙනෙක් තමා.එ ගැන නම් සතුටුයි.
Deleteඉන්දියාවෙන් වත් හොඳ රේඩාර් සිස්ටම් එකක් ගේන්නවෙයි වගේ, නැත්තම් තව එකක් දෙකක් ඔහොම උණොත් යාළුවා ට පිස්සු හැදිලා ආයෙත් හැදේවි...
ReplyDeleteඅනිවා අනිවා ඉන්දියාවෙන් බැරි නම් විමල් අයියාට හොරෙන් ඇමරිකාවෙන් වත් ගෙන්න වෙවි
Deleteම්ම්.. අනේමංදා..කෙල්ලෙක්ට ඔහොම දෙයක් වුනාම ඉතිං , හරියට අසරන වෙනවානෙ.. කොහොම අඅදරේ ඇතිවුනත් හිත යටින් තියෙන බය නිසා එහෙම කරනවා වෙන්න පුලුවන්..
ReplyDeleteඒත් සමහර ව්ට හිතා මතා විහිළුවට ව්අගේ මඟ හැරියා වෙන්නත් පුලුවන්..
එයා මොනතරම් අසරන වුනත් කොල්ලෙක්ට බලාපොරොත්තු දුන්න එක සැහෙන වැරදි වැඩක්.අනෙ මන්දා ඇත්තම සිද්දිය දන්නෙ එයා තමා.මොකද එයාගෙ හිතෙ තිබ්බ දෙවල් අපි දන්නෙ නැනෙ.ඇත්තටම එයා එහෙම කලෙ මොකො කියලා කවදාවත් දැන ගන්න ලැබෙන එකක් නැහැ.
Deleteඊයේ මමයි සාතන් අයියයි කමෙන්ට් කලාට පස්සේ පෝස්ට් එක ඩිලිට් කිරිම ගැන බලවත් විරෝධය පල කරමි..
ReplyDeleteඑ ගැන මගෙ මට සමාව දෙන මෙන් ඉල්ලා සිටිනවා.පොස්ට් එකෙ තිබු අඩු පාඩු නිවැරදි කරන්න එහෙම කරන්න වුනා.සිදුවු වරදට සමාව දෙන මෙන් ඉල්ලා සිටිනවා නැවතත්.
ReplyDeleteපිස්සුද මචං.. ඒකේ අවුලක් නෑ.. පෝස්ට් එක ඩිලීට් නොකර එඩිට් කරන්න තිබුනනේ..
Deleteයාලුවට කිව්වට මේක වෙලා තියෙන්නේ මුටමද කොහද?... :P
ReplyDeleteපිස්සුද බන් මන් යනවද කෙල්ලො පස්සෙ කෙල්ලොනෙ මගෙ පස්සෙන් එන්නෙ ;)
Deleteඋබ කෙල්ලන්ගේ ඉස්සරහින් යනකොටනම් කෙල්ලෝ උබේ පස්සෙන් එනවා ඇති... :P
Deleteඅර කියුවා වගේ මටත් හිතුනා යාලුවා මෙයාද කියලා හේ හේ
Deleteහි හි ඔයාලා දෙන්නට පිස්සුද ඔයාලම දැකලා තියනවා නෙද මට ඉන්දියාවෙ තියන ඉල්ලුම :D
Deleteඅනේ ඔව් දන්නවා :P
Deleteබලාගෙන යනකොට කොල්ලෝ පව් නේද? දුක හිතෙනවා. කැම්පස් ලව් කතා ඔහොමමයි ඉතින්. එක්කෝ කෙල්ල පැරදෙනවා. එක්කෝ කොල්ලා පැරදෙනවා. අර ඔය තුන්දෙනා දාලා හදපු ෆිල්ම් එකක් වගේම තමයි.
ReplyDeleteහ්ම් හ්ම් එක නම් ඇත්ත තමා,කැම්පස් වල ලව් කතා සමහර එවා සුන්දරයි.සමහර එවා කුජිතයි.මෙක නම් කුජිත එකක් ඇත්තටම කොල්ලො පව්ද කියලත් වෙලාවකට හිතෙනවා :(
Delete//මන් ඔයා එක්ක යාලු වෙන්න කැමති නැත්තෙ සමහර විට මන් ඔයාට ඇත්තටම ආදරෙ නිසා වෙන්න ඇති//
ReplyDeleteඇත්තටම මේකද දන්නෙ නෑ හේතුව.ඒත් එයාට කියන්න තිබුනානෙ එහෙනම් මේකයි හේතුව කියලා නේද? බලාගෙන යනකොට කෙල්ල හැමෝවම රවට්ටලානෙ.
මෙහෙම එකක් වුනාද දන්නෙ නෑ හැබැයි.එයාගෙ පලවෙනි කොල්ල එයාට වැඩේ සිද්ද කරලා දාලා ගිහිල්ලා.ඒ නිසා කොල්ලොන්ගෙන් පලි ගන්න වගේ හිතනවාද දන්නෙ නෑ.
කෙල්ලෙක් කෝමද ගෑණියෙක් වුනේ එක පාරටම ? නොදන්න කොමටමයි ඇහුවෙ
ReplyDeleteඔබා මාමා දන්නේ නැති දේවලුත් තියෙනවයි ? :පි
Deleteඅනේ පව්ව්ව්ව්ව්.....ඔබා (බබා) මාමා.........!!
Deleteබොලේ නාකි වුන පලියට හැම මඟුලම දන්නවෑ...
Deletehikizzzzzzzz..........
Deleteහ්ම් එයාගෙ පතිදම් බිදුන නිසා
ReplyDeleteඅයියෝ හරිම දුකයි කොල්ලා ගැන. මොනා කරන්නද දේවතාවන් වැනි ගැහැණුන් අතරේ යක්ෂණියන් වැනි ගහනුත් ඉන්නවානේ.. ඔන්න මම නම් යක්ෂනියෙක් නෙමෙයි :)
ReplyDeleteපෙනුමට අපි රැවටුනාට එයාගෙ ඇතුලෙ යක්ශයෙක් ඉදලා තියනවා.හි හි එ වුනාට කාජල් ඇන්ටිත් වෙලාවකට යක්ශ වැඩ කරනවා නෙද
ReplyDeleteඅනේ මන්දා මොනවා කියන්නද කියලා. හැබැයි අර ඔබා මාම අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේ හරියට මීටර් උනේ නෑ පති දම කියන්නේ මොකක්ද? බිදෙන්නේ ඒක හදලා තියෙන්නේ විදුරු වලින්ද අෆ්ෆා
ReplyDeleteහොඳ ප්‍රස්ණයක්!
Deleteහි හි අනෙ මාත් හරියට දන්නෙ නැ බන් තාම හොයනවා
ReplyDeleteලවු ඉළවුය! අලියගෙ මේ තියරියට ගහන්න තියරියක් නෑ! :D
ReplyDeleteඅනිවා එකෙනම ඔය තියරියට ගහන්න මොන තියරියකටවත් බැහැනෙහ්
ReplyDeleteමේ කතාවේ සමහර තැන්වලදී මටත් ඉස්සර කාලේ දේවල් වගයක් මතක් වුණා. අනේ මන්දා දුක උරුම කොල්ලන්ටමද කියලා.
ReplyDeleteහොඳම දේ කිසිම දෙයක්, කිසිම පුද්ගලයෙක් සුවිශේෂී කරගන්න හොඳ නැහැ.....