Tuesday, March 27, 2012

___මනොලෝකය හැදුනු හැටි___







ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා දඩබ්බරයන්ගේ මනොලෝකයට ආපු ඔයාලා හැමෝවම...!!!
                                                                                    හ්ම්ම් කොහෙන්ද මේක කියන පටන් ගන්නේ....??
හරි මේක පටන් ගන්න අදහස ආපු තැනින්ම පටන් ගන්නම්කො.මේක ගැන මුලින්ම අදහස ආවේ අපේ කාජල්ට. කාජල් කියන්නේ මාරම දක්ෂ, හොඳ හැකියාවන් ගොඩාක් තියෙන හරිම ලස්සන මෝඩ කෙල්ලෙක්.එයා මෝඩ කෙල්ලෙක් කියලා ඔප්පු කරන්න පුළුවන් හොඳම සාධකය තමයි මට එයා මේ බ්ලොග් එක ලියන්න එන්න කියලා අඩගපු එක.... කාජල්නම් අම්බානෙක බ්ලොග් වලට සහාභාගී වෙලා තියෙනවා. හැබැයි ඒ මේ නමින් නෙමෙයි.  එයාට කුලුඳුලේ ආශාවක් ඇතිවෙලා තියෙනවා අපි කට්ටියවම එකතුකරගෙන මේ අලුත් වැඩේ කරන්න. 
   

දැන්මං කියන්නම් අනිත් කෙනා ගැන. එයා තමයි ශාරුක්. ශාරුක් කියුවට ඉතින් ශාරුක් ඛාන් ගේ අහලකින්වත් තියන්න බෑ. එත් ඉතින් පොරගේ ආසාව නිසා ඔහේ ශාරුක් කියලා නම දාගන්න අපි ඉඩ දුන්නා. එයාත් ගොඩාක් හැකියාවන් තියෙන මාර ක්‍රියේටිව් කෙනෙක්. එයත් බ්ලොග් වල කලින් කතෘ කෙනෙක් විදියට ඉඳලා තියෙනවා. මේ දවස් ටිකේ මිනිහා පෙන්න නැහැ. එක එක කාලෙට මිනිහට එක එක පිස්සු එනවා. 
                                                  අනිත් කෙනා තමයි මේක ලියන සල්මාන්. ඒ කියන්නේ මම. මමනම් මීට කලින් කිසිම බ්ලොග් එකකට සම්බන්ධ නොවුන කෙනෙක්. කාජල් තමයි මේවා ගැන මට කියලා දුන්නෙත්, මට මේවා ගැන ආසාවක්, උනන්දුවක් ඇති කලෙත්.ඒ ගැන එයාට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ.(අමාරුවෙන් හරි මම ඒවා අහගෙන උන්නා.)
                         දැන් කියන්නම් අපි කරන්න යන වැඩේ මොකක්ද කියලා. මේකේ නමේම පොඩි පිස්සු අමුතු ගතියක් තියෙනවා නේද? ඔය නමේ විදිහටම අපිත් ටිකක් දඩබ්බරයි. ඒ වගේම අපිට අපේ මනොලොකවලට ගොඩවදින්නත් පුළුවන්. මාරයි නේද හෑ.. අපි මේකෙන් ඉදිරිපත් කරන්නෙත් අපේ මනොලොකවල තොරතුරු තමයි.ඒ අතරේ අපේ ජිවිත වල ආගිය තොරතුරුත් කියනවා.


මේක අපි ඉදිරියට කරගෙන යනකොට මොන මොන දේ වෙනස් වෙයිද කියලානම් දන්නේ නෑ. ඒ මොනවා නමුත් හොඳ දෙයක් කරන්න තමයි අපි තුන්දෙනාගෙම බලාපොරොත්තුව.
එහෙනම් අද ඉඳං මේ දඩබ්බරයන්ගේ මනොලොකවල තොරතුරු අපි හැමෝමත් එක්ක බෙදාගන්න එන්න කියලා මං ඔයාලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා...















47 comments:

  1. නියමයි නියමයි. මේ සල්මන් තමයි අපේ පුංචි කණ්ඩායමේ නායකතුමා.
    ඉතින් අද ඉඳං ඔයාලා හැමෝවම අපි ආදරයෙන් පිලිගන්නවා.

    එන්න අපේ මනොලොකවල තොරතුරු බෙදාගන්න :

    ReplyDelete
  2. අලුත් සීන් එකක් වගේ..

    ReplyDelete
    Replies
    1. අලුත්ම අලුත් වැඩක් තමයි සහෝ..

      Delete
  3. හ්ම්... සිංහල බ්ලොග් වල විකාශනයෙ තරම බලමුකො ඉතිං... බොලිවුඩ් වලිනුත් ඇවිත් සිංහල බ්ලොග් ලියනව එල එල.... දිගටම ලියමුකො...

    ReplyDelete
    Replies
    1. බලන්නකො ඒකෙත් හැටි නේද?... :)

      Delete
  4. මනෝලෝකෙට පැමිණෙන්නට බලාසිටිමි! එහෙනං ගොඩනගන්නකො මනෝලෝකෙ! :)

    ReplyDelete
    Replies
    1. ඔන්න දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න ඕනේ.......

      Delete
  5. ඔන්න මාත් කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න සෙට් වුනා.අපෙ සල්මන් අයියා තමා මගෙ ලොක්කා.හැබැයි ඔකාව සල්මන් ගාවින් තියන්නවත් බැ කියලා මන් ආදරෙන් මතක් කරලා දෙන්න ඔනි.අද ඉදන් අපෙ මනො ලොක වල වුන දෙවල් ඔයාලා එක්ක අපි බෙද ගන්නම්.

    ReplyDelete
    Replies
    1. ආදරෙන් මතක් කරපු නිසා උඔට මුකුත් කරන්නේ නෑ... කොහොම උනත් එල...අහ් මේ කාඡල්ව වැඩිය කරට ගන්න එපා හොදේ...

      Delete
  6. ඔන්න මමත් එනවා :)

    ReplyDelete
  7. අලුත් වැඩක්..මේ ගමන දිගටම යන්න ඔය තුන්දෙනාටම හදවතින්ම සුභපැතුම් යාලුවනේ!!

    මාත් මෙහෙට දිගටම එනව :)

    ReplyDelete
    Replies
    1. ඔයාල ඉන්න එක අපිට ලොකු හයියක් යාලු...
      දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න... :)

      Delete
  8. ඔන්න මමත් ගොඩ උනා මේ පැත්තට.. හැබැයි මේ සල්මන් ශාරුක් දෙන්නා ඔරිජිනල් ඩබල වගේ රණ්ඬු වෙන්න එහෙම එපා..

    ReplyDelete
    Replies
    1. කවුද කිව්වෙ අපි ඔරිඡිනල් ඩබල නෙවෙයි කියලා..?
      අපි ඉතිං දවසක රණ්ඩු උනොත් රණ්ඩු වෙන්නෙ ඔය කාඡල් නිසා තමයි..
      කොල්ලො ඉතිං රණ්ඩු වෙන්නෙ කෙල්ලො නිසානේ..... :)

      Delete
  9. ඔන්න අපිත් ආව යාලූ.....දිගටම ලියන්න....ජය වේවා.....:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් තෑන්ස් යාලු... දිගටම අපිත් එක්කම ඉන්න...

      Delete
  10. අලුත් අයට අපේ සහයෝගය නිතරම ලැබෙනවා . ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි... බොහොම ස්තූතියි.. :)

      Delete
  11. නියම වැඩක වගේ.. බලමුකෝ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා.. :D

    ReplyDelete
    Replies
    1. දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න...
      එතකොට ඔයාටම තේරෙයි... :)

      Delete
  12. Replies
    1. ඔය වගේ හැමදාමත් එන්න... :)

      Delete
  13. ඕං මාත් ආවා.. අඡේ දේව්ගන් අයිය කේස් අදීද දන් නෑ ඕං...

    ReplyDelete
    Replies
    1. නෑ..නෑ එහෙම වෙන්නේ නෑ. අඡේත් මේකට ෆුල් සපොර්ට්... :)

      Delete
    2. අපො බය වෙන්න එපා අජෙ දෙව්ගන් මොන හැලපයෙක්ද

      Delete
    3. අනේ මේ මගේ හස්බන්ඩ් ට අනං මනං කියාගෙන එන්නේ එහෙම නෑ :/

      Delete
  14. එල එල එත් අපි වගේ අතරමැද එපා වෙලා දාලා යන්නෙපා....ජය වේවා...

    ReplyDelete
    Replies
    1. දිගටම අපිත් එක්ක ඉන්නකෝ.. :)

      Delete
  15. ඔන්න මමත් දඩබරයින්ගේ ලෝකයට ගොඩවැදුණා.
    ජය වේවා.. :D

    ReplyDelete
  16. දැන් දවස් දෙක තුනක ඉඳලා බොලිවුඩ් කට්ටියක් සිංහල අවකාසෙට ගොඩ බැහැලා ඉන්නවා දැක්කා...හොඳයි හොඳයි, තුන් කට්ටුවම ඉන්නේ :) අජේ නැති එක තමයි අප්සැට් එක...අවුලක් නෑ ඉතින්

    ReplyDelete
    Replies
    1. හි හි අජෙ නැති අඩු පාඩුව මමයි සල්මන් අයියයි නැති කරල දන්නම්

      Delete
    2. අජේ නැති උනාට මක්වෙනවද..?මේ අපි ඉන්නේ.. :/

      Delete
  17. හොඳ හින්දි චිත්‍රපටි ටිකක් බැලුව හැකි වගේ...:D

    තුන්දෙනාටම සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. බොහොත් සුක්රියා.අනිවා හොදම චිත්‍රපටියක් බලන්න පුලුවන් වෙවි ලඟදිම

      Delete
    2. අනේ තැන්කූ වේවා.. :)

      Delete
  18. අළුත් වැඩක් වගේ.....තුන්දෙනාටම සුබ පතනවා එකෙන්ම... ජය වේවා....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි... දිගටම අපිත් එක්ක ඉන්න..

      Delete
  19. එහෙනම් පිස්සත් එනව හොඳේ.........

    ReplyDelete
    Replies
    1. පිස්සෙක් හරි කමක් නෑ එනවනම්... :)

      Delete
  20. සුභ පැතුම් :)

    මේ කණ්ඩායමට අමිතාබ් බච්චන් හරි අමීර් ඛාන් හරි එකතු කරගන්න අදහසක් නැද්ද :D

    ReplyDelete
  21. අහ්හ් ඒ දෙන්නා තාම සිංහල ඉගෙන ගන්නවා..
    සිංහල ඉගෙනගෙන ඉවර උනාම එයාලත් එයි.... :P

    ReplyDelete