ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා දඩබ්බරයන්ගේ මනොලෝකයට ආපු ඔයාලා හැමෝවම...!!!
හ්ම්ම් කොහෙන්ද මේක කියන පටන් ගන්නේ....??
හරි මේක පටන් ගන්න අදහස ආපු තැනින්ම පටන් ගන්නම්කො.මේක ගැන මුලින්ම අදහස ආවේ අපේ කාජල්ට. කාජල් කියන්නේ මාරම දක්ෂ, හොඳ හැකියාවන් ගොඩාක් තියෙන හරිම ලස්සන මෝඩ කෙල්ලෙක්.එයා මෝඩ කෙල්ලෙක් කියලා ඔප්පු කරන්න පුළුවන් හොඳම සාධකය තමයි මට එයා මේ බ්ලොග් එක ලියන්න එන්න කියලා අඩගපු එක.... කාජල්නම් අම්බානෙක බ්ලොග් වලට සහාභාගී වෙලා තියෙනවා. හැබැයි ඒ මේ නමින් නෙමෙයි. එයාට කුලුඳුලේ ආශාවක් ඇතිවෙලා තියෙනවා අපි කට්ටියවම එකතුකරගෙන මේ අලුත් වැඩේ කරන්න.
අනිත් කෙනා තමයි මේක ලියන සල්මාන්. ඒ කියන්නේ මම. මමනම් මීට කලින් කිසිම බ්ලොග් එකකට සම්බන්ධ නොවුන කෙනෙක්. කාජල් තමයි මේවා ගැන මට කියලා දුන්නෙත්, මට මේවා ගැන ආසාවක්, උනන්දුවක් ඇති කලෙත්.ඒ ගැන එයාට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ.(අමාරුවෙන් හරි මම ඒවා අහගෙන උන්නා.)
දැන් කියන්නම් අපි කරන්න යන වැඩේ මොකක්ද කියලා. මේකේ නමේම පොඩි පිස්සු අමුතු ගතියක් තියෙනවා නේද? ඔය නමේ විදිහටම අපිත් ටිකක් දඩබ්බරයි. ඒ වගේම අපිට අපේ මනොලොකවලට ගොඩවදින්නත් පුළුවන්. මාරයි නේද හෑ.. අපි මේකෙන් ඉදිරිපත් කරන්නෙත් අපේ මනොලොකවල තොරතුරු තමයි.ඒ අතරේ අපේ ජිවිත වල ආගිය තොරතුරුත් කියනවා.
මේක අපි ඉදිරියට කරගෙන යනකොට මොන මොන දේ වෙනස් වෙයිද කියලානම් දන්නේ නෑ. ඒ මොනවා නමුත් හොඳ දෙයක් කරන්න තමයි අපි තුන්දෙනාගෙම බලාපොරොත්තුව.
එහෙනම් අද ඉඳං මේ දඩබ්බරයන්ගේ මනොලොකවල තොරතුරු අපි හැමෝමත් එක්ක බෙදාගන්න එන්න කියලා මං ඔයාලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා...
නියමයි නියමයි. මේ සල්මන් තමයි අපේ පුංචි කණ්ඩායමේ නායකතුමා.
ReplyDeleteඉතින් අද ඉඳං ඔයාලා හැමෝවම අපි ආදරයෙන් පිලිගන්නවා.
එන්න අපේ මනොලොකවල තොරතුරු බෙදාගන්න :
අලුත් සීන් එකක් වගේ..
ReplyDeleteඅලුත්ම අලුත් වැඩක් තමයි සහෝ..
Deleteහ්ම්... සිංහල බ්ලොග් වල විකාශනයෙ තරම බලමුකො ඉතිං... බොලිවුඩ් වලිනුත් ඇවිත් සිංහල බ්ලොග් ලියනව එල එල.... දිගටම ලියමුකො...
ReplyDeleteබලන්නකො ඒකෙත් හැටි නේද?... :)
Deleteමනෝලෝකෙට පැමිණෙන්නට බලාසිටිමි! එහෙනං ගොඩනගන්නකො මනෝලෝකෙ! :)
ReplyDeleteඔන්න දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න ඕනේ.......
Deleteඔන්න මාත් කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න සෙට් වුනා.අපෙ සල්මන් අයියා තමා මගෙ ලොක්කා.හැබැයි ඔකාව සල්මන් ගාවින් තියන්නවත් බැ කියලා මන් ආදරෙන් මතක් කරලා දෙන්න ඔනි.අද ඉදන් අපෙ මනො ලොක වල වුන දෙවල් ඔයාලා එක්ක අපි බෙද ගන්නම්.
ReplyDeleteබුහ් හා හා ....
Deleteආදරෙන් මතක් කරපු නිසා උඔට මුකුත් කරන්නේ නෑ... කොහොම උනත් එල...අහ් මේ කාඡල්ව වැඩිය කරට ගන්න එපා හොදේ...
Deleteඔන්න මමත් එනවා :)
ReplyDeleteහා... එන්ඩ එන්ඩ :)
Deleteඅලුත් වැඩක්..මේ ගමන දිගටම යන්න ඔය තුන්දෙනාටම හදවතින්ම සුභපැතුම් යාලුවනේ!!
ReplyDeleteමාත් මෙහෙට දිගටම එනව :)
ඔයාල ඉන්න එක අපිට ලොකු හයියක් යාලු...
Deleteදිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න... :)
ඔන්න මමත් ගොඩ උනා මේ පැත්තට.. හැබැයි මේ සල්මන් ශාරුක් දෙන්නා ඔරිජිනල් ඩබල වගේ රණ්ඬු වෙන්න එහෙම එපා..
ReplyDeleteකවුද කිව්වෙ අපි ඔරිඡිනල් ඩබල නෙවෙයි කියලා..?
Deleteඅපි ඉතිං දවසක රණ්ඩු උනොත් රණ්ඩු වෙන්නෙ ඔය කාඡල් නිසා තමයි..
කොල්ලො ඉතිං රණ්ඩු වෙන්නෙ කෙල්ලො නිසානේ..... :)
ඔන්න අපිත් ආව යාලූ.....දිගටම ලියන්න....ජය වේවා.....:)
ReplyDeleteගොඩක් තෑන්ස් යාලු... දිගටම අපිත් එක්කම ඉන්න...
Deleteඅලුත් අයට අපේ සහයෝගය නිතරම ලැබෙනවා . ජය වේවා !
ReplyDeleteඅහන්නත් සතුටුයි... බොහොම ස්තූතියි.. :)
Deleteනියම වැඩක වගේ.. බලමුකෝ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා.. :D
ReplyDeleteදිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න...
Deleteඑතකොට ඔයාටම තේරෙයි... :)
ඔන්න මමත් ආවා....
ReplyDeleteඔය වගේ හැමදාමත් එන්න... :)
Deleteඕං මාත් ආවා.. අඡේ දේව්ගන් අයිය කේස් අදීද දන් නෑ ඕං...
ReplyDeleteනෑ..නෑ එහෙම වෙන්නේ නෑ. අඡේත් මේකට ෆුල් සපොර්ට්... :)
Deleteඅපො බය වෙන්න එපා අජෙ දෙව්ගන් මොන හැලපයෙක්ද
Deleteඅනේ මේ මගේ හස්බන්ඩ් ට අනං මනං කියාගෙන එන්නේ එහෙම නෑ :/
Deleteඑල එල එත් අපි වගේ අතරමැද එපා වෙලා දාලා යන්නෙපා....ජය වේවා...
ReplyDeleteදිගටම අපිත් එක්ක ඉන්නකෝ.. :)
Deleteඔන්න මමත් දඩබරයින්ගේ ලෝකයට ගොඩවැදුණා.
ReplyDeleteජය වේවා.. :D
තෑන්ස් හොදේ... :)
Deleteබොහොත් සුක්රියා
Deleteදැන් දවස් දෙක තුනක ඉඳලා බොලිවුඩ් කට්ටියක් සිංහල අවකාසෙට ගොඩ බැහැලා ඉන්නවා දැක්කා...හොඳයි හොඳයි, තුන් කට්ටුවම ඉන්නේ :) අජේ නැති එක තමයි අප්සැට් එක...අවුලක් නෑ ඉතින්
ReplyDeleteහි හි අජෙ නැති අඩු පාඩුව මමයි සල්මන් අයියයි නැති කරල දන්නම්
Deleteඅජේ නැති උනාට මක්වෙනවද..?මේ අපි ඉන්නේ.. :/
Deleteහොඳ හින්දි චිත්රපටි ටිකක් බැලුව හැකි වගේ...:D
ReplyDeleteතුන්දෙනාටම සුබ පතනවා...
බොහොත් සුක්රියා.අනිවා හොදම චිත්රපටියක් බලන්න පුලුවන් වෙවි ලඟදිම
Deleteඅනේ තැන්කූ වේවා.. :)
Deleteඅළුත් වැඩක් වගේ.....තුන්දෙනාටම සුබ පතනවා එකෙන්ම... ජය වේවා....
ReplyDeleteබොහෝම ස්තුතියි... දිගටම අපිත් එක්ක ඉන්න..
DeleteGood on you guys and gal...!!!
ReplyDeletethank u soo much... mr.ඔබා ... :)
Deleteඑහෙනම් පිස්සත් එනව හොඳේ.........
ReplyDeleteපිස්සෙක් හරි කමක් නෑ එනවනම්... :)
Deleteසුභ පැතුම් :)
ReplyDeleteමේ කණ්ඩායමට අමිතාබ් බච්චන් හරි අමීර් ඛාන් හරි එකතු කරගන්න අදහසක් නැද්ද :D
අහ්හ් ඒ දෙන්නා තාම සිංහල ඉගෙන ගන්නවා..
ReplyDeleteසිංහල ඉගෙනගෙන ඉවර උනාම එයාලත් එයි.... :P