Wednesday, March 28, 2012

___අතින් කයිට්___





මේ සිද්දිය උනේ මම රැකියාවක් සඳහා විදෙස්ගතවෙලා ඉන්න අතරතුර කාලයේදී .විදෙස්ගත උනේ රැකියාවක් කරන අදහසින් උනත්,මං රැකියාව කරන ස්ථානයට වඩා වැඩි කාලයක් මා ගතකලේ කාමරයේය.ඒ අලුතින් ආරම්භ කල අපේ කොම්පැනියට අප වැනි වාසනාවන්ත පිරිසකගේ සම්ප්‍රාප්තිය නිසා ආයතනයම ඉතා ශීග්‍රයෙන් බංකලොත් වේගෙන ආවේය..විදුලි සෝපාන සමාගමක් වූ අප ආයතනයේ මුල්ම සාමාජිකයන් වූ අපි අපේ ලොක්කාට  අප අදහන ශාස්තෘවරුන්ටත් වඩා ගරු කළේය. ඒ අපට වැඩ නොමැති උවද කලට වෙලාවට අපට පඩි ලබා දුන් නිසාය.
                         ඒ දිනවල මට අප ආයතනයේ ලොක්කා පෙනුනේ අපගේ පූරුවේ ණය කාරයෙක් ලෙසටය.
සක්විති මෙන් ඔහුද පෙර ආත්මයක අපට පොල්ලක් තියන්නට ඇතියැයි මට සිතුන වාර ගණන අනන්තය.
මගේ කාමරය මා ගැසූ අයිස් වලින් සීත ගබඩාවක් වෙමින් පැවතුනද මා ලංකාවේ මිතුරන්ට පවසා තිබුනේ ඒ මුළු රටම මාගේ අතින් පාලනය වන තරමට මා කාර්ය බහුල පුද්ගලයෙක් කියාය.
එසේ කීමට හේතුවනම් නිකන් ඉදන් පඩි ගනීම ගැන මාගේ මිතුරන්ට මා ගැන දුකක් ඇති වී,ඔවුන් එ ගැන ඕනාවට වඩා සිතන්නට යැමෙන් මට  ඇස්වහ කටවහ වදීයැයි මගේ අම්මා මට නිතර සිහිකළ නිසාය.
කොහොම නමුත් මිතුරන්ට මගේ කාර්යබහුලත්වය පෙන්වීම සදහා මං නොගත් උත්සහයක් නැත.
එ සදහා ඔවුන් මා වෙත ලබාදෙන මිස්කෝල් දහයකට එක් වරක් පමණක් මිස් කෝල් දීම,කෝල් එකක් අතර තුරදී "මචං මං බිසී " යැයි පවසා කෝල් එක කට් කිරීම විශේෂ විය.
                              ඔය අතරතුරේදී තමයි මට චතුක මල්ලිගෙන් කෝල් එකක් අවේ.කෝල් එකක් කිව්වට එ කිසිම අවස්ථාවක මාගේ ෆෝන් එක තත්පරයකට වඩා නාද උනේ නැත.කොහොම නමුත් ඔය විදිහට මට මිස් කෝල් දහයක් විතර ඇවිත් තිබුනා.ඒ ගෙවුනේ මාසේ අන්තිම දවස් කිහිපය නිසා ලංකාවේදී මෙන්ම මාසේ අන්තිම වෙනකොට හතේ හත වැදීමපුරුද්දකට වගේ මට ඒ රටේදීත් උනා.ෆෝන් එකේ සත අරික්කලක්වත් නොතිබුන මට ෆෝන් එකට කාඩ් එකක් දා ගන්න අල්ලපු කාමරේ හිටිය ජයවීර අයියා වැඩ ඇරිලා එනකන් ඉන්න සිද්ද උනා.
                     ජයවීර අයියා ආවම මං යාලුවොත් එක්ක ට්‍රිප් එකක් යන්න තාත්තාගෙන් අවසර ඉල්ලන පොඩි එකෙක් වගේ  ජයවීර අයියා වටේ දැවටී දැවටී ඉදල එයාගෙන් කාඩ් එකට ඕන ගාන තට්ටු කරගත්තා.
ඔය අතරේ මට "සල්මාන් අයියේ  හදිස්සියක්,මට කෝල් එකක් ගන්න" කියල චතුක මල්ලිගෙන් කෙටි පණිවිඩයක් අවා. ඒ පාර මං කඩිමුඩියේ කඩේට ගිහින් කාඩ් එකක් දාගෙන චතුක මල්ලිට කෝල් එකක් දුන්නා.ෆෝන් එක තුන හතර වතාවක් නාදවීමෙන් පසුව චතුක මල්ලි "හලෝ" කිව්වා.
"ඇයි මල්ලි මිස් කෝල් ගැහුවේ? මොකක් හරි හදිස්සියක්ද? ගෙදර සේරම හොදින් ඉන්නවා නේද?" මං ඇහුවා."ගෙදර අය සේරම හොදින් ඉන්නවා එත් මට පොඩි කරදරයක් උනා.අයියා කවද්ද ලංකාවට එන්නේ?" චතුක මල්ලි මගෙන් ඇහුව්වා. අපේ අම්මා තාත්තවත් නොඅහන ප්‍රශ්නයක් එකපාරටම චතුක මල්ලි මගේ අහන එක මට මාරම ප්‍රශ්නයක් උනා. "ඇයි මල්ලි මොකක්ද සීන් එක " මං අයෙත් ඇහුව්වා.
"නෑ..නෑ අයියේ මේ..මෙකයි ප්‍රශ්නේ ..මං නුවර ගියාම මට කෙල්ලෙක් සෙට් උනා.ඉතින් මං ඒ කෙල්ලට මගේ නම්බර් එක දුන්න.ඉතින් එහෙ ගිහින් එනකොට බස් එකේදී මගේ ෆෝන් එක වැටිලා...ඉතින් දැන් අර කෙල්ල ෆෝන් කරන්නේ ඔය ඒ නම්බර් එකටනේ..ඉතින් ඒ සිම් එක තියෙන්නේ ඔයාගේ නමටනේ..එකයි ඔය ලංකාවට ලගදි එනවද කියල දැනගන්න කෝල් කලේ ඔයාට කියල ඒ නම්බර් එකටම අලුත් සිම් එකක්‌ ගන්න." චතුක මල්ලි එහෙම කිව්වා.
         මගේ කෝපය නිම්හිම් නැතිඋනා. ඊට පස්සේ මං චතුක මල්ලිගේ අම්මගේ ගුණ ගායනා කරලා ෆෝන් එක තිබ්බ.....
ඔන්න ඔහොම තමයි ඉතින් එක එක මනුස්සයන්ගේ එක එක ගොන්කම් ප්‍රදර්ශනය වෙන හැටි. අනේ ඉතින් මමත් අතින් කයිට් කාගෙන අරුගේ අම්මට බැනලා පව් පුරෝගත්තනේ... ඔයාලත් එහෙම වෙලා තියෙනවද හෑ...???

33 comments:

  1. අපි ඕකනෙ ඛාන් මලය රිං කට් වලට කිසි ප්‍රතිචාරයක් නොදක්වා ඉන්නෙ... :)

    ReplyDelete
    Replies
    1. එකනේ අයියා..අයේ නම් එහෙම කරන්නේ නෑ.. :)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. නොදොකින් විතරක් අරු බත් කන හරක් පැටියෙක් වගෙනෙ වැඩ කරන්නෙ

    ReplyDelete
    Replies
    1. උබ දැන් කාටද ඔහොම කියන්නේ? :/

      Delete
  4. ඉතිං බං උඹ ඩිෂ් ගාල කෙල්ලව සෙට් කරගන්නෙපෑ! සලමනඛාන් කිව්වම කඅහෙත්ම අකමැති වෙන එකක් නෑ :D

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් නේද හේ හේ

      Delete
    2. මගේ නැනේ ඔය කැත වැඩ...

      Delete
    3. ඔය කිවුවට එහෙම කොලා නේ????

      Delete
  5. හේ හේ හොඳ වැඩේ... අනේ සාදු ... හේ හේ

    ReplyDelete
    Replies
    1. ඇයි කාජල් ...මොනාද වෙන්ඩ ඕන...? :/

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මට වෙනද ඔනාද? අනේ මට රෝස් පාන් එකක් ගෙනල්ලා දෙන්නකෝ :)

      Delete
  6. පව් බං ඒ කොල්ලා...

    උඹ කියපු විදිහේ රස්සා කරන එවුන් ගොඩක් මෙහෙත් ඉන්නවා.
    උන්ට පඩි ගෙවන්නේ නිකන් ඉන්නවටද කොහෙද.... :)

    ReplyDelete
    Replies
    1. සමහරවිට වෙන්න ඇති.. :/

      Delete
  7. අනේ ඒ රටට සාදු සාදු

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඒ...? දැන් ඇත්ත කිව්වා මමද වැරදි...? :(

      Delete
  8. හිකිස්....හයියෝ ඔයාටත් වෙන වැඩ.....:)

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ... මටමයි වෙන්නේ... :(

      Delete
  9. මම නම් ගෙදරින් ඇරෙන්න ලංකාවෙන් එක වෙන එක මිස් කෝල් එකක් වත් උස්සන්නේ නෑ.. ඔය රටේ ජොබ්ස් තව නැද්ද බං..

    ReplyDelete
    Replies
    1. මාත් ඊට පස්සේ කලේ එහෙම තමයි යාලු... මං ජොබක් සෙට් උනොත් කියන්නම්කො... :)

      Delete
  10. ඒ උනාට ඒක ලස්සන කතාවක්...
    අර පහලින් රතු පාට, හාර්ට් එකක් දාලා තියෙන්නේ මොකද? :D

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඒ මගේ හිත හොදි කියල පෙන්නන්න තමයි ඒක දාලා තියෙන්නේ.. :)
      ගොඩක් තෑන්ක්ස් මේ පැත්තේ ආවට..
      දිගටම අපිත් එක්ක එකතු වෙන්න..

      Delete
    2. අහ්හ් ඇත්තද :D

      Delete
  11. අනේ පවු බොලේ අරූ. උබට තිබුනෙ ලංකාවට ඇවිත් අරූට සිම් එක අරං දෙන්නනෙ.

    ReplyDelete
    Replies
    1. නෑ මං ලංකාවට ඇවිත් ඌට පිස්සුවට බෙහෙත් අරන්දුන්නා.. :)

      Delete
  12. මේ වෙලාවෙ මාත් හරිම බිසි...
    :-)

    ReplyDelete
    Replies
    1. ok.. මං එහෙනම් පස්සේ ගන්නම්... :D

      Delete
    2. හැක් හැක් හැක් :P

      Delete
    3. ඇයි කාජල් බඩේ අමාරුවද? :/

      Delete
  13. හොඳ සිංහල වදන් මතක් වෙන්නේ ඔය වෙලාවට තමා...... ඒත් පවු කොල්ලගේ වැඩේ කරලා දෙන්න පුලුවන් වුණු වෙලාවක් :D

    ReplyDelete
  14. ඔන්න දැනුත් මට හොඳ සිංහල වදන් මතක් වෙනවා... :/

    ReplyDelete